| පෞද්ගලිකත්වය පිළිබඳ ප‍්‍රකාශය
අපගේ වෙබ් අඩවියට පැමිණීම හා අපගේ පෞද්ගලිකත්වය පිළිබඳ ප‍්‍රකාශය පරීක්ෂා කර බැලීම පිළිබඳව අපගේ ස්තුතිය හිමි වේ. මෙම වෙබ් අඩවිය කොළඹ රොට‍්‍රැක්ට් සමාජය, මානුෂීය සේවායතන සමූහය හා VOICE ව්‍යාපෘතිය වෙනුවෙන් පවත්වාගෙන යනු ලැබේ. ඔබගේ පෞද්ගලිකත්වය අපි අගය කොට සළකමු. අපගේ ප‍්‍රතිපත්තිය වන්නේ ඔබගේ පෞද්ගලික තොරතුරු සුරකිමින් (පහත දක්වා ඇති ආකාරයට) එය මෙම පෞද්ගලිකත්වය පිළිබඳ ප‍්‍රකාශයට අනුකූලවන පරිදි භාවිත කිරීමයි. මෙම පෞද්ගලිකත්වය පිළිබඳ ප‍්‍රකාශයෙහි සඳහන් වන්නේ අප විසින් එක්රැස් කරනු ලබන පෞද්ගලික තොරතුරු සම්බන්ධයෙන් පමණි. ඔබ විසින් වෙබ් අඩවිය හෝ එහි සේවා භාවිත කරනු ලැබීම වෙබ් අඩවියේ සේවා නියමයන් හා කොන්දේසිවලට අනුකූලව සිදු කළ යුතු අතර මුල් පිටුවේ හෝ වෙනත් වෙබ් පිටුවල ඇති සේවා නියමයන් හා කොන්දේසි යන්න ක්ලික් කිරීම මගින් ඔබට ඒවාට ප‍්‍රවේශ වීමට හැකියාව වේ.
1. අප ඔබ වෙතින් එක්රැස් කරගන්නා තොරතුරු
වෙනත් බොහෝ වෙබ් අඩවි මෙන් ම අප ද ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාව ගැන පහත සඳහන් තොරතුරු ස්වයංක‍්‍රීයව එක්රැස් කර ගනිමු.
- අන්තර්ජාලයට සම්බන්ධ වීමට ඔබ භාවිත කළ සර්වරයේ IP ලිපිනය
- අපගේ වෙබ් අඩවියට සම්බන්ධ වීමට ඔබ භාවිත කළ වෙබ් අඩවියේ නම
- ඔබ අපගේ වෙබ් අඩවියට පැමිණි දිනය හා වේලාව
- ඔබ භාවිත කළ වෙබ් පිටු
මෙම තොරතුරු (පෞද්ගලික නොවන තොරතුරු) වලින් ඔබ පෞද්ගලිකව හඳුනා නොගැනෙනු ඇත. වෙබ් අඩවියේ කාර්යක්ෂමතාව අධීක්ෂණය කිරීමට, වැඩි වශයෙන් ජනප‍්‍රිය ක්ෂේත‍්‍ර පිළිබඳ හඳුනාගැනීමට හා ඉදිරියේ සිදුකළ හැකි වැඩි දියුණු කිරීම පිළිබඳ සොයා බැලීමට අපි මෙම තොරතුරු උපයෝගී කර ගනිමු.
ඔබ වෙබ් අඩවියේ යම් යම් අංග හා ක‍්‍රියාකාරීත්වයන් තෝරා ගනු ලැබූ අවස්ථාවල දී පෞද්ගලික වශයෙන් ඔබ හඳුනාගත හැකි තොරතුරු සැපයීමට ඔබට සිදුවනු ඇත. එවන් තොරතුරු රහිතව මෙම සේවා භාවිත කිරීම කළ නොහැකි වේ. එවන් තොරතුරු සැපයීම මගින් පෞද්ගලිකත්වය පිළිබඳ මේ ප‍්‍රකාශයේ සඳහන් පරිදි ඔබ, අප විසින් ඒ තොරතුරු එක්රැස් කරගැනීම සම්බන්ධයෙන් අනුමැතිය ලබා දෙනු ඇත. ඔබ විසින් තොරතුරු ලබා දෙන අවස්ථාවල හැර වෙනත් කිසිම අවස්ථාවක දී වෙබ් අඩවිය තුළ දී ඔබගේ පෞද්ගලික තොරතුරු එක්රැස් කර ගැනීම සිදු නොවේ.
ඔබ විසින් සපයනු ලබන පෞද්ගලික තොරතුරු, වෙනත් ඕනෑම ලියාපදිංචි කිරීමේ ක‍්‍රියාවලියක දී ඔබට සැපයීමට සිදුවන ආකාරයේ ඔබව සම්බන්ධ කර ගත හැකි ක‍්‍රමය, ඔබගේ නම, සංවිධානයේ නම, ලිපිනය හා ඊමේල් ලිපිනය, ඔබ උනන්දු වන කරුණු හා ක්ෂේත‍්‍රයන් පිළිබඳ විස්තර ආදිය වනු ඇත. සංවාද මණ්ඩපවල දී හෝ වෙනත් එකමුතුවල දී ඔබ විසින් ස්වේච්ඡාවෙන් සපයනු ලබන සියලූ පෞද්ගලික තොරතුරු අප විසින් එක්රැස් කර ගැනෙනු ඇත. ඔබ විසින් පෞද්ගලික තොරතුරු වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත් කරන ලද්දේ නම් හෝ ඒවා අපගේ දත්ත ගබඩාවක් වෙත යොමු කරන ලද්දේ නම් එම තොරතුරු සාමාන්‍ය මහජනයාට ලබා ගත හැකි ආකාරයෙන් පවතිනු ඇත.
2. ඔබගේ පෞද්ගලික තොරතුරු භාවිත කිරීම
ඔබ විසින් අප වෙත සපයනු ලබන තොරතුරු ඔබ විසින් ඉල්ලා සිටින සේවා සැපයීමට, විමසුම්වලදී ඔබට ඇතිවන ගැටලූවලට පිළිතුරු ලබා දීමට, ඔබ උනන්දුවන විෂය ෂේත‍්‍රයන් හඳුනාගැනීමට, ස්වේච්ඡා සේවකයින් හා ලාබ නොලබන සංවිධාන සම්බන්ධීකරණය කිරීමට උපකාරී වනු ඇත.
අප විසින් ඔබගේ තොරතුරු භාවිත කරන විශේෂිත අවස්ථා මෙසේ දැක්විය හැකිය.
- අපගේ වෙබ් අඩවියේ ඇති විමසීම් සම්බන්ධකය මගින් ඔබගේ ගැටලූ හා අදහස් කෙළින් ම අප වෙත යොමු කළ හැකි වේ. මෙම අවස්ථාවේ දී අපට ඔබ සම්බන්ධ කර ගත හැකි පරිද්දෙන් යම් යම් පෞද්ගලික තොරතුරු ලබා දීමට සිදුවනු ඇත.
- ඔබ කිසියම් දෙයක් අපගෙන් ඉල්ලා සිටින අවස්ථාවේ දී ද ඒවා බෙදාහැරීම සඳහා ඔබගේ පෞද්ගලික තොරතුරු අවශ්‍ය වේ. අප විසින් ඉදිරිපත් කරන කරුණු කෙරෙහි ඔබ තුළ ඇති උනන්දුව ගණනය කිරීමේ දී අප විසින් ඔබගේ පෞද්ගලික තොරතුරු උපයෝගී කර ගනු ඇත.
- ඔබ අන්තර්ජාලය ඔස්සේ සිදු කරන ඉල්ලීම් සම්බන්ධයෙන් ඔබ සම්බන්ධ කර ගැනීම සඳහා අප විසින් ඔබගේ පෞද්ගලික තොරතුරු භාවිත කර ගනු ඇත. එසේම අන්තර්ජාලය ඔස්සේ සිදු කරනු ලබන ඉල්ලීම් සපුරාලීමේ දී ඔබ කොයි තරම් දුරට ඒ සඳහා සුදුසු වේ ද යන්න තීරණය කිරීමට ද ඔබගේ පෞද්ගලික තොරතුරු භාවිත කරනු ලැබේ.
- අතිරේක සේවා සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට හා අපගේ වෙබ් අඩවිය පිළිබඳ ව ඔබගේ ප‍්‍රතිචාර ලබා ගැනීමට ද ඔබගේ පෞද්ගලික තොරතුරු භාවිත කෙරෙනු ඇත.
3. සම්බන්ධක
අප විසින් ඔබ උනන්දු වේ යැයි සිතන වෙනත් වෙබ් අඩවිවලට සම්බන්ධක සපයා ඇත. එවන් වෙබ් අඩවිවල ඇති තොරතුරු අප විසින් සම්පූර්ණයෙන් ම අනුමත කිරීම හෝ ඒවා සම්බන්ධයෙන් වගකීම දැරීමක් සිදු නොවේ. ඔබ විසින් එවන් වෙබ් අඩවි භාවිත කිරීමේ දී ඒවායේ සේවා නියමයන් හා කොන්දේසිවලට ද පෞද්ගලිකත්වය පිළිබඳ ප‍්‍රකාශයට ද ගරු කළ යුතු වේ. එවන් වෙබ් අඩවිවලට පිවිසීමේ දී ඒවා මගින් ඔබගේ පෞද්ගලික තොරතුරු එක්රැස් කරගන්නේ දැයි සොයා බැලීම පිණිස ඒවායේ පෞද්ගලිකත්වය පිළබ`ද ප‍්‍රකාශයන් කියවා බලන ලෙස අප ඔබගෙන් ඉල්ලා සිටිමු.
4. ඔබගේ තොරතුරු බෙදාහදා ගැනීම
ඔබ විසින් සපයනු ලබන තොරතුරු අප විසින් විකිණීමක් හෝ හුවමාරු කර ගැනීමක් සිදු නොකරන අතර ඔබගේ පෞද්ගලික තොරතුරු අලෙවිකරණ සමාගම්, තොරතුරු තැරැව්කරුවන් හෝ සෙසු ආයතනයක් හෝ තනි පුද්ගලයන් වෙත ලබා දීම සිදු නොවේ. පහත දැක්වෙන අවස්ථාවේ දී හැර ඔබගෙන් කළින් අනුමැතිය ලබා ගැනීමකින් තොරව පෞද්ගලික තොරතුරු අනාවරණය කිරීම සිදු නොවනු ඇත.
- වෙනත් ඕනෑම වෙබ් අඩවියක් මෙන් නීතිමය කටයුතුවල දී ඔබගේ පෞද්ගලික තොරතුරු අනාවරණය කිරීමට අපට සිදුවනු ඇත.
5. කුකීස් (cookies)භාවිතය
කුකීස් භාවිතය මගින් ඔබගේ වෙබ් අඩවියට ප‍්‍රවේශ වීම වැඩි දියුණු කිරීමට අපට හැකි වේ. කුකීස් යනු ඔබගේ වෙබ් බ‍්‍රවුසරය මගින් පරිඝණකයේ හාර්ඞ් ඩ‍්‍රයිවය වෙත සම්පේ‍්‍රෂණය කෙරෙන අක්ෂරාංක හඳුන්වනයන් වේ. බොහෝ ටූල් බාර්වල (toolbar) දී නව කුකීස් පිළිගැනීමෙන් වැලකෙන්නේ කෙසේදැයි යන්න පිළිබඳව ඔබට උපදෙස් ලබා දෙනු ඇත. කෙසේ වෙතත් මෙමගින් ඔබට සැපයෙන සේවා සීමා වනු ඇත. කුකීස් මගින් ඔබගේ බ‍්‍රවුසරය හඳුනාගෙන එයට අනුකූලව සකස් කෙරුණු සේවාවක් ඔබ වෙත ලබා දෙනු ඇත.
කුකීස් මගින් ලැබෙන තොරතුරු සැලසුම් හා මග සොයා ගැනීමේ දී මෙන් ම වෙබ් අඩවියේ තාක්ෂණික ක‍්‍රියාකාරීත්වය ඇගයීමේ දී ද භාවිත කෙරෙනු ඇත. එසේ ම ඔබ විසින් කුමන පිටුවලට යන්නේ ද යන්න පිළිබඳ ව තොරතුරු ගෙන වෙබ් අඩවිය වඩාත් කාර්යක්ෂම කිරීම උදෙසා කුකීස් වෙතින් ලබා ගන්නා තොරතුරු භාවිත කෙරෙනු ඇත.
6. දෙමව්පියන් හා දරුවන්
ඔබට වයස අවුරුදු පහළොවට අඩු නම් දෙමාපියන්ගේ හෝ භාරකරුවන්ගේ අවසරය ඇතිව පමණක් වෙබ් අඩවිය භාවිත කරන මෙන් ඔබගෙන් ඉල්ලා සිටිමු. ඔබ විසින් සපයනු ලබන ඕනැම තොරතුරක් සම්බන්ධයෙන් මෙම පෞද්ගලිකත්වය පිළිබඳ ප‍්‍රකාශයට අනුකූලව කටයුතු කෙරෙනු ඇත.
7. තොරතුරු සැපයීම් හා ලබා ගැනීම
අප වෙත තොරතුරු සැපයීමෙන් වැලකී සිටීමට හා අප වෙතින් තොරතුරු ලබා ගැනීමෙන් වැලකී සිටීමට ඕනෑම අවස්ථාවක ඔබට හැකියාව වේ. අප විසින් මේ වෙබ් අඩවිය භාවිත කරන්නන්ට පහත දැක්වෙන වරණයන් හිමි කර දී ඇත.
ඔබගේ අදහස් අපට යොමු කරන්න
දුරකතනය : 0094-011-4610943- දිගුව-137
ලිපි: charityapple ව්‍යාපෘති සම්බන්ධීකාරක, මානුෂීය සේවායතන සමූහය (CHA) අංක 86, රොස්මිඞ් පෙදෙස, කොළඹ 07, ශ‍්‍රී ලංකාව.
8. මෙම ප‍්‍රකාශයේ සිදුවන වෙනස්කම්
අප විසින් මෙම පෞද්ගලිකත්වය පිළිබඳ ප‍්‍රකාශය වරින්වර වෙනස් කිරීමට ඉඩ කිබේ. අප විසින් වෙනස්කමක් කරන්නේනම් එම සංශෝධිත පෞද්ගලිකත්වය පිළිබඳ ප‍්‍රකාශය මෙම වෙඞ් අඩවියේ ප‍්‍රකාශයට පත් කෙරෙනු ඇත. වරින් වර මේ පෞද්ගලිකත්වය පිළිබඳ ප‍්‍රකාශය පරීක්ෂා කර බලන මෙන් අපි ඔබගෙන් ඉල්ලා සිටිමු. අපගේ පෞද්ගලිකත්වය පිළිබඳ වන ප‍්‍රකාශය හා සම්බන්ධ සියලූ ගැටලූ, අදහස් හෝ පැමිණිලි ඉහත දක්වා ඇති ක‍්‍රමවලින් එකක් මගින් අප වෙත දන්වා එවීමට කටයුතු කළ හැකිය.
|