අන්තර්ජාල සම්බන්ධක ( www.idealist.org)
ලාබ නොලබන හෝ රාජ්‍ය නොවන අංශය සඳහා වන මානව සම්පත් හා වෘත්තීය අවස්ථා ඇතුළත් වෙබ් අඩවියකි. ජාතික හා අන්තර්ජාතික ස්වේච්ඡා සේවක අවස්ථා පිළිඳබ සම්බන්ධක, රැකියා හා සීමාවාසික පුහුණු අවස්ථා පිළිබඳ තොරතුරු ඇතුළත් වී තිබේ.
http://volunteer.ca/en/resources
කැනේඩියානු ජාතික ස්වේච්ඡා මණ්ඩලය - ස්වේච්ඡා කළමනාකරණය උදෙසා වන සම්පත් නොමිලේ සපයන වෙබ් අඩවියකි. මෙය බොහෝ සේ න්‍යායාත්මක වුවද ස්වේච්ඡා සේවක කාර්යභාරයන් සැලසුම් කරන්නේ කෙසේද ඔබේ ආයතනයේ ස්වේච්ඡා සේවක කටයුතු සංවිධානය කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳ වැටහීමක් ලබා ගැනීමට උපකාරී වනු ඇත.
http://www.volunteering.org.uk/
මෙම වෙබ් අඩවියේ ස්වේච්ඡා සේවක කළමනාකරණය පිළිබඳ සම්පත් පවතින අතර මේවා බාගත කිරීම කළ හැකිය. මෙය එක්සත් රාජධානිය වෙනුවෙන් සැලසුම් කර ඇතත් පහසුවෙන් තමාට අදාළ සේ සකස් කර ගත හැකි නිසා බෙහෙවින් ප‍්‍රයෝජනවත් වේ. මෙහි බොහෝ ප‍්‍රකාශනයක් නොමිලේ ලබා ගත හැකිය.
http://www.ivr.org.uk/booksandlibrary/
මෙය Volunteering England හි කොටසක් වේ. ස්වේච්ඡා සේවය පිළිබඳ පර්යේෂණ ප‍්‍රකාශන ඇතුළත් කර ඇති අතර මේවායින් සමහරක් නොමිලේ ලබා ගත හැකිය.
http://www.worldvolunteerweb.org/
ස්වෙච්ඡා සේවය පිළිබඳ තොරතුරු ඇතුළත් එක්සත් ජාතීන්ගේ වෙබ් අඩවියයි. ලොව පුරා ස්වේච්ඡා සේවය පිළිබඳ තොරතුරු මෙහි ඇතුළත් වී ඇත. අන්තර්ජාතික ස්වේච්ඡා සේවය පිළිබඳ දිනය ගැන තොරතුරු ලබා ගැනීමට මෙය ප‍්‍රයෝජනවත් වනු ඇත.
මෙම සම්බන්ධකවල ලියකියවිලි බාගත කිරීමට හැකි වේ.
ආපදා කළමනාකරණය
http://www.volunteering.org.uk/NR/rdonlyres/2B108CBD-0BBD-4DB3-A4D2-D987B885D1F3/0/Risk_toolkit.pdf
|