සේවා නියමයන් හා කොන්දේසි
1. නියමයන් පිළිගැනීම
කොළඹ රොට‍්‍රැක්ට් සමාජය, මානුෂීය සේවායතන සමූහය හා VOICE විසින් පවත්වාගෙන යනු ලබන charityapple වෙබ් අඩවියට ඔබ සාදරයෙන් පිළිගනිමු. මෙම සේවා නියමයන් හා කොන්දේසි මගින් මෙම වෙබ් අඩවිය භාවිත කිරීම පාලනය කෙරෙනු ලබන අතර මේවා කලින් කලට charityapple මගින් යාවත්කාලීන කිරීම සිදු වේ. මෙම වෙබ් අඩවිය හෝ එහි සේවා භාවිත කිරීමට පෙර ඔබ විසින් සේවා නියමයන් හා කොන්දේසි හොඳින් කියවා තේරුම් ගත යුතුය. දැනට භාවිත වන සේවා නියමයන් හා කොන්දේසි www.charityapple.orgl යන වෙබ් පිටුවේ දැකිය හැකිය. මෙම වෙබ් අඩවිය හෝ සේවා භාවිත කිරීම මගින් ඔබ පෙන්නුම් කරන්නේ අපගේ සේවා නියමයන් හා කොන්දේසිවලට එකඟවන බවත් ඔබට වයස අවුරුදු 16 ට වැඩි හෝ එසේත් නැත්නම් අපගේ වෙබ් අඩවිය භාවිත කිරීමට ඔබට දෙමාපියන්ගේ හෝ භාරකරුගේ අවසරය ලැබී ඇති බවත් ය. මෙය නීතිමය ලියිවිල්ලක් වේ. අපගේ සේවා නියමයන් හා කොන්දේසිවලට එකඟ නොවන්නේ නම් ඔබ විසින් මෙම වෙබ් අඩවිය හෝ සේවා භාවිත නොකළ යුතුය.
2. සේවා
මෙම වෙබ් අඩවියේ 1. ශ‍්‍රී ලංකාවේ ලාබ නොලබන හා ප‍්‍රජා සංවිධාන 2. ශ‍්‍රී ලංකාවේ ස්වේච්ඡා සේවා සැපයිය හැකි අවස්ථා හා සිදුවීම් පිළිබඳ තොරතුරු ඇතුළත් වන දත්ත බැංකුවක් වේ. ඔබ කිසියම් සංවිධානයක් නම් ස්වේච්ඡා සේවා අවස්ථා, සිදුවීම් හෝ වෙනත් අදාළ තොරතුරු ඔබට මෙම සංවිධාන දත්ත බැංකුවේ තැන්පත් කිරීම සඳහා ලබා දිය හැකි වනු ඇත. මෙම දත්ත බැංකුවේ ඇති තොරතුරු ඕනෑම කෙනෙකුට සෝදිසි කර ලබා ගත හැකි වන අන්දමට පවත්වාගෙන යාම සිදුවේ. කෙසේ වෙතත් ස්වේච්ඡා සේවකයින් ආවරණය කිරීම, බඳවා ගැනීම්, තෝරා ගැනීම් හා කළමණාකරණය මෙන් ම මේ හා අදාළ සෙසු සියලු ක‍්‍රියාවලිවලට අදාළ වගකීම සම්පූර්ණයෙන්ම අදාළ ආයතන සතු වේ.
ආයතන මගින් වෙබ් අඩවියේ පළ කර ඇති ස්වේච්ඡා කටයුතු අවස්ථා, සිදුවීම් හා සම්පත් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට තනි පුද්ගලයන්ට මේ වෙබ් අඩවිය භාවිත කළ හැකි වේ. කෙසේ වෙතත් තනි පුද්ගලයින් හා සංවිධාන මුණ ගැස්වීම මෙම වෙබ් අඩවිය මගින් සිදු නොකෙරේ. වැඩි දුර තොරතුරු අවශ්‍ය නම් හා කිසියම් සංවිධානයක ස්වේච්ඡා කටයුතුවලට එක් වීමට කැමති නම් ස්වේච්ඡා සේවකයින් විසින් අදාළ ආයතනවලින් වැඩි දුර තොරතුරු විමසිය යුතු වේ.
සමස්තයක් වශයෙන් මෙම වෙබ් අඩවියේ දක්නට ලැබෙන තොරතුරු, දත්ත ගබඩා හා වෙනත් සේවාවවන් මෙම සේවා නියමයන් හා කොන්දේසිවල දී සේවා යනුවෙන් හඳුන්වා ඇත.
3. සේවා භාවිත කිරීම
මෙම වෙබ් අඩවියට පිවිසී තොරතුරු ලබා ගැනීමට නම් ඔබ විසින් අන්තර්ජාලයට පිවිසිය යුතු අතර ඒ සඳහා වැය වන සියලූ පිරිවැය ඔබ විසින් දැරිය යුතුවේ. කෙසේ වෙතත් www.charityapple.org වෙබ් අඩවියට පිවිසීමට හෝ එම වෙබ් අඩවිය හා සම්බන්ධ වෙබ් පිටු භාවිත කිරීමට කිසිදු මුදලක් අය නොකෙරේ.
4. වෙබ් අඩවියේ ලියාපදිංචි වීම
සමහර සේවාවන් ලබා ගැනීම උදෙසා ඔබ වෙබ් අඩවිය වෙත යම් යම් තොරතුරු සපයා එහි ලියාපදිංචි විය යුතු වේ. ඔබ විසින් රහස් පදයක් තබා ගත යුතු වේ. ඔබගේ රහස් පදය රහසිගතව තබා ගැනීමේ සම්පූර්ණ වගකීම ඔබ දැරිය යුතු අතර ඔබේ රහස් පදය වෙනත් අයෙකු ට භාවිතයට ලබා දීමේ දී ඇති විය හැකි ප‍්‍රතිඵලවල ද සම්පූර්ණ වගකීම ඔබ සතු වේ. ඔබගේ රහස් පදය 1) අස්ථානගත වූ අවස්ථාවක හෝ සොරකම් කරනු ලැබූ අවස්ථාවක 2) ඔබේ අවසරයෙන් තොරව රහස් පදය භාවිත කරනු ලැබ ඇති බව හැඟී ගිය විට හෝ මෙම වෙබ් අඩවියේ සේවාවලට බාධා පැමිණිය හැකි අස්ථාවල පහත දැක්වෙන ආකාරවලින් එකකින් ඒ බව charityapple වෙබ් අඩවියට දැන්විය යුතු වේ. මෙම කොටසේ ඇතුළත් කොන්දේසි සමග එකඟ වීමට අපොහොසත් වීම නිසා සිදුවන හානි හෝ අලාභ වලට charityapple වග කියනු නොලැබේ.
මේ ආකාරවලින් ඔබට අප ඇමතිය හැකිය.
ඊ මෙල්: ඔබේ ගැටලූ සඳහන් කර ඊ මේල් ලිපියක් යොමු කිරීමට මෙතැන ක්ලික් කරන්න.
දුරකතන:
0094-011-4610943 දිගුව: 137
ලිපිනය: charityapple ව්‍යාපෘති සම්බන්ධීකාරක, මානුෂීය සේවායතන සමූහය, අංක 86, රොස්මිඞ් පෙදෙස, කොළඹ 7, ශ්‍රී ලංකාව.
charityapple වෙබ් අවඩිය ඔබ වෙතින් ලබා ගන්නා තොරතුරු එහි පෞද්ගලිකත්වය පිළිබඳ ප‍්‍රකාශයට අනුකූලව පමණක් භාවිත කිරීම අනිවාර්යය වේ.
5. සපයනු ලබන සේවාවන්
මෙම සේවා භාවිත කිරීමේ දී යම් යම් අවදානම් තත්වයන් ඇති විය හැකි බව ඔබට අවබෝධ විය යුතුය. විශේෂයෙන් ම වෙබ් අඩවියේ හා සේවාවන් හා ඇතුළත් කර ඇති දත්ත, සියලූ තොරතුරු හා වෙනත් කරුණු ආදිය පිළිබඳ වගකීම සම්පූර්ණයෙන් ම එම තොරතුරු සපයනු ලබන පුද්ගලයා විසින් දරනු ලැබේ. එසේ ම සේවාවන් හි කොටසක් සේ දක්වා ඇති කරුණු සමාලෝචනය කිරීම හෝ ආවරණය කිරීම සම්බන්ධයෙන් charityapple වගකීමක් නොදරන බව ඔබ පිළිගත යුතු වේ. වෙබ් අඩවියේ පළ කර ඇති තොරතුරු ප‍්‍රතික්ෂේප කිරීමට, අධීක්ෂණය කිරීමට හෝ ඉවත් කිරීමට charityapple වෙබ් අඩවියට හිමිකම ඇතත් ඒ වෙනුවෙන් බැ`දී නොමැත. ස්වාධීන පුද්ගලයින් හා සංවිධාන අතර ඇතිවන සබ`දතාවලට charityapple වෙබ් අඩවිය සම්බන්ධ නොවනු ඇත. මෙම පාර්ශ්වයන් අතර කිසියම් ආරවුලක් ඇති වූ අවස්ථාවක ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා දීම උදෙසා charityapple වෙබ් අඩවිය මැදිහත් වීමක් අවශ්‍ය නොවේ. මෙවන් ආරවුල්වලට සම්බන්ධ කිසියම් කරුණක් නිසා හෝ charityapple වෙබ් අඩවියේ සේවා භාවිතය නිසා, දැනුවත්ව හෝ නොදැනුවත්ව, සැක කරනු ලබන අවස්ථාවක හෝ එසේ සිදු නොවන අවස්ථාවක, අනාවරණය කරනු ලැබූ අවස්ථාවක හෝ එසේ නොවනු ලැබූ අවස්ථාවක, සිදුවන යාචනය කිරීම්, ඉල්ලීම් හා හානි (තත්‍ය හා අනුෂංගීය) සම්බන්ධයෙන් charityapple වෙබ් අඩවිය නිදහස් කරනු ලැබීමට මෙහි දී ඔබ එකඟ වේ. මෙම සේවා නීත්‍යානුකූල අරමුණු වෙනුවෙන් පමණක් භාවිත කිරීමට ඔබ විසින් වගබලා ගත යුතු වේ. මෙම සේවා භාවිත කිරීමේ සම්පූර්ණ අවදානම ඔබ විසින් පිළිගත යුතු වේ. අපගේ සේවා තුළින් ඔබ ලබා ගන්නා තොරතුරුවල නිරවද්‍යතාව, පරිපූර්ණත්වය හා ප‍්‍රයෝජනවත් බව ඇගයුම් කිරීම හුදෙක් ඔබගේ ම වගකීම වේ.
6. වගකීම් බැහැර කිරීමේ ප‍්‍රකාශය
මෙම වෙබ් අඩවියේ ඇති සේවා භාවිත කිරීමේ අවදානම් සම්පූර්ණයෙන් ම ඔබ විසින් පමණක් දැරිය යුතු වේ. මෙහි දී සැපයෙන සේවාවන් ඔබගේ අවශ්‍යතා සපුරන බව,
අතරමග දී බාධා නොවන බව, කාලීන, ආරක්ෂිත, වර්තමාන, නිරවද්‍ය, පරිපූර්ණ හා වැරදිවලින් තොරවන බව හෝ මෙම වෙබ් අඩවියෙන් ලබා ගන්නා සේවා මගින් ඇතිවන්නා වූ ප‍්‍රතිඵල ආදිය නිරවද්‍ය හෝ විශ්වාස කටයුතුවන බවට charityapple වෙබ් අඩවිය වග කියනු නොලැබේ. මෙම වෙබ් අඩවියෙන් සැපයෙන සේවා ඔබගේ අසතුටට හේතුවේ නම් එයට පවතින එකම පිළියම වන්නේ charityapple වෙබ් අඩවිය භාවිතා නොකිරීම බව ඔබ විසින් පිළිගත යුතු වේ.
8. වගකීම් බැහැර කිරීම හා සීමා
1. charityapple වෙබ් අඩවියේ සේවා භාවිතය හා භාවිත කිරීමට නොහැකි වීම 2. සේවාවලට සම්බන්ධව සපයා ඇති සම්බන්ධක භාවිත කළ නොහැකි වීම. 3. ඕනෑම සේවාවක් සම්බන්ධයෙන් ඔබගේ විශ්වාසකටයුතුභාවය 4. මෙහි සඳහන් ඕනෑ ම සේවාවක් අත්හිටුවනු ලැබීම හෝ නවත්වනු ලැබීම 5. මෙම සේවා හෝ වෙබ් අඩවිය භාවිතය සම්බන්ධයෙන් වන සෙසු සියලූ කරුණු, ඍජු, වක‍්‍ර, ආනුභූතික, විශේෂ, ආනුශංගීය හෝ ආදර්ශ, හානි, පාඩු ලැබීම්, හොඳ හිත පළුදු වීම, දත්ත නැතිවී යාම වෙනත් අහිමි වීම් වලට (charityapple වෙබ් අඩවිය විසින් එවන් හානි පිළිබඳව අනතුරු අඟවා ඇතත්) charityapple වෙබ් අඩවිය වගකියනු නොලැබේ.
2. වෙබ් අඩවිය මෙහෙයවීම
වෙබ් අඩවිය වෙත ඔබ ඉදිරිපත් කරන, යොමුකරන, ප‍්‍රදර්ශනය කරන, ඊමේල් කරන සියලූ කරුණු සම්බන්ධයෙන් මෙන් ම වෙබ් අඩවියේ සේවා උපයෝගී කරගෙන ඔබ විසින් සම්පේ‍්‍රෂණය කරනු ලබන සියලූ දේ සම්බන්ධයෙන් ද ඔබ සම්පූර්ණයෙන් ම වගකිව යුතු වේ. එසේම charityapple වෙබ් අඩවියේ තුන්වන පාර්ශ්වීය අයිතිවාසිකම් සුරැකීම සම්බන්ධයෙන් ද ඔබ විසින් වගකීම දැරිය යුතු අතර charityapple වෙබ් අඩවියේ තුන්වන පාර්ශ්වීය අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් එහි ඇතුළත් තොරතුරු බාගත කිරීම, ඊමේල් කිරීම හෝ සම්පේ‍්‍රෂණය කිරීමෙන් වැළකිය යුතු වේ. පහත දැක්වෙන කරුණු වෙනුවෙන් වෙබ් අඩවිය හෝ එහි සේවාව භාවිත නොකිරීමට ඔබ එකඟ විය යුතුය.
- ඕනෑම පේටන්ට් බලපත‍්‍රයක, වෙළඳ සලකුණක, වෙළඳ රහසක, කර්තෘ හිමිකම්, හෝ වෙනත් බුද්ධිමය දේපල හිමිකම්, පෞද්ගලික හිමිකම් හෝ මහජන හිමිකම් හෝ පුද්ගල හිමිකම් උල්ලංඝනය කරන ආකරයේ කරුණු යොමු කිරීම, ඉදිරිපත් කිරීම, ප‍්‍රදර්ශනය හෝ සම්පේ‍්‍රෂණය කිරීම.
- නීති විරෝධී, හානිදායක, තර්ජනාත්මක, නින්දා සහගත, හිංසාකාරී, වංචා සහගත, අපකිර්තිකර, අශ්ශීල, අසභ්‍ය, ලිඛිතාපහාසාත්මක, ලිංගික වශයෙන් විස්තරාත්මක, වෙනත් අයකුගේ පෞද්ගලිකත්වයට හානි සිදු කරන්නා වූ, වෛරය ඇති කරන, ජාතික, ආගමික හෝ වෙනත් ආකාරයකින් බලපෑම් සිදුකරන ආකාරයේ තොරතුරු යොමු කිරීම, ඉදිරිපත් කිරීම ප‍්‍රදර්ශනය හෝ සම්පේ‍්‍රෂණය කිරීම.
- ස්වධීන පුද්ගලයින්ට හෝ කණ්ඩායම්වලට සමාන අවස්ථා නොසළසන්නා වූ රැකියා අවස්ථා, ස්වේච්ඡා සේවක අවස්ථා, හෝ වෙනත් අවස්ථා පිළිබඳ තොරතුරු පළ කිරීම හා සද්භාවයෙන් යුතුව අදාළ තනතුර හෝ අවස්ථාව සඳහා අත්‍යවශ්‍ය සුදුසුකම් නොවේ නම් ජාතිය, සම්භවය, පුරවැසිභාවය, ආගම, භාෂාව, ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය, වයස, ලිංගික දිශානතිය, විවාහක අවිවාහක බව, ශාරීරික හෝ මානසික හැකියාව පදනම් කරගනිමින් බැහැර කිරීමට කටයුතු කිරීම.
- charityapple වෙබ් අඩවියේ නියෝජිතයකු හෝ එහි නිලධාරයකු, අධ්‍යක්ෂවරයකු, සේවකයකු හෝ ඒජන්තවරයකු ඇතුළු ඕනෑම පුද්ගලයකු නැත්නම් පාර්ශ්වයක් සේ වංචනිකව පෙනී සිටීම, වෙනත් පුද්ගලයකු හා පාර්ශ්වයක් සමඟ ඇති අනුබැඳිය ව්‍යාජ ලෙස නිරූපණය කිරීම හෝ වෙබ් අඩවියේ ඇතුළත් කරුණුවල මූලාශ‍්‍ර සඟවන අන්දමින් ඒවායේ ශීර්ෂ ව්‍යාජ ලෙස සකස් කිරීම හෝහඳුන්වනයන් (identifiers) වෙනස් කිරීම.
- සම්ප‍්‍රයාචනය රහිත, බල නොලත් දැන්වීම්, ප‍්‍රවර්ධන දැන්වීම්, කිසිම සීමාවකින් තොරව මෙම වෙබ් අඩවියට යොමු කිරීම, අප්ලෝඞ් කිරීම, ප‍්‍රදර්ශනය කිරීම, ඊ මේල් කිරීම හෝ වෙනත් කිසිම ආකාරයකින් සම්පේ‍්‍රෂණය කිරීම හා අනවශ්‍ය ඊ මේල් ලිපි (spam or junck mail) හෝ විරෝධයට ලක් විය හැකි සම්ප‍්‍රයාචන රහිත සන්නිවේදන විධි ආරම්භ කිරීම හා ස්ථාපනය කිරීම.
- වෙබ් අඩවිය හෝ එහි සේවා ජාතික වශයෙන් පවතින නීති රෙගුලාසි උල්ලංඝනය කිරීම හෝ විදේශීය රටක නීති හා රෙගුලාසි උල්ලංඝනය කරන ආකාරයෙන් භාවිත කිරීම.
- සේවා නියමයන් හා කොන්දේසිවල ඇතුළත් වන ආකාරයට නීත්‍යානුකූල අවසරය සහිතව තුන්වන පාර්ශ්වයන් වෙත සිදුවන සන්නිවේදයන් සඳහා හැර වෙනත් කරුණු වෙනුවෙන් තුන්වන පාර්ශ්වයන් හි පෞද්ගලික තොරතුරු එක් රැස්කිරීම හා ගබඩා කර තබා ගැනීම.
- charityapple වෙබ් අඩවියට, ඔබට හෝ වෙනත් තුන්වන පාර්ශ්වයකට හානි පැමිණෙන පරිද්දෙන් වෙබ් අඩවියට හෝ එහි සේවාවලට ඍජුව, වක‍්‍රව හෝ සිතාමතා බාධා කිරීම හෝ මැදිහත් වීම.
- පරිගණක දෘඩාංග, මෘදුකාංග, දුරකථන සන්නිවේදන උපාංග හා පහසුකම් ආදියට හානි පමුණුවන අන්දමට සැලසුම් කරන ලද මෘදුකාංග වෛරස, වෙනත් ඕනෑම ආකාරයක කේතයන් හා ලිපි ගොනු හෝ වැඩසටහන් ආදිය ඇතුළත් වන ද්‍රව්‍ය යොමු කිරීම, අප්ලෝඞ් කිරීම, ප‍්‍රදර්ශනය කිරීම, ඊ මේල් කිරීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් සම්පේ‍්‍රෂණය කිරීම.
- තුන්වන පාර්ශ්වීය පුද්ගලයකුගේ දුරකථන අංක, ලිපින, හර/බැර පත් විස්තර, ගිණුම් අංක, හැඳුනුම්පත් අංක, රහස් පද හෝ වෙනත් එවැනි පෞද්ගලික තොරතුරු ඇතුළත් ද්‍රව්‍ය අවසරයකින් තොරව මෙම වෙබ් අඩවියට යොමු කිරීම, අප්ලෝඞ් කිරීම, ප‍්‍රදර්ශනය කිරීම, ඊ මේල් කිරීම හෝ වෙනත් කිසිම ආකාරයකින් සම්පේ‍්‍රෂණය කිරීම.
- ස්වයංක‍්‍රියව මෙහෙයවනු ලබන මෙවලම්, ස්ක‍්‍රිප්ට්, (script) හා බොට් (bot) ආදිය මගින් වෙබ් අඩවියෙන් තොරතුරු එක්රැස් කර ගැනීම හෝ එහි සර්වරයට බලෙන් ඇතුළු වීම.
9. සේවා නැවත අලෙවිය
මෙම වෙබ් අඩවියේ ඇතුළත් කර ඇති සේවා ඔබගේ පෞද්ගලික ප‍්‍රයෝජනය උදෙසා පමණක් යොදා ගන්නා බවත් ඒවා කිසියම් හෝ තුන්වන පාර්ශ්වයකට ලබා දීම නොකරන බවත් ඔබ විසින් පිළිගත යුතු වේ. කිසියම් හෝ තුන්වන පාර්ශ්වයකට වානිජ වශයෙන් ලාභ ලැබීම උදෙසා මෙම වෙබ් අඩවියේ සේවාවන් අයුතු ලෙස ප‍්‍රයෝජනයට ගැනීම නොකළ යුතුය.
10. වෙබ් අඩවියේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් වන හිමිකම
ඔබ විසින් charityapple වෙබ් අඩවිය භාවිත කරනු ලැබීම මගින් charityapple වෙබ් අඩවියට ඔබගේ තොරතුරු අධීක්ෂණය කිරීමට, ඒවායේ පිටපත් තබා ගැනීමට හා නීතිය මගින් හෝ යහපත් චේතනාවෙන් යුතුව ඉල්ලා සිටින අවස්ථාවල, ඒවා අනාවරණය කිරීමට ඔබ විසින් අවසර ලබා දෙනු ඇත. එය නීතිමය කටයුතු ප‍්‍රවර්ධනයට සේවා නියමයන් හා කොන්දේසි බලාත්මක කිරීමට, තුන්වන පාර්ශ්වීය හිමිකම් උල්ලංඝනය කිරීම වැලැක්වීමට, කිසියම් පුද්ගලයකුගේ පෞද්ගලික ආරක්ෂාව තහවුරු කිරීමට උපකාරී වනු ඇත.
11. සම්බන්ධක (links)
මෙම සේවාවන් අන්තර්ජාලයේ වෙනත් වෙබ් අඩවි වෙත වන සම්බන්ධකවලින් සමන්විත වනු ඇත. මෙම සම්බන්ධක සපයා ඇත්තේ හුදෙක් ඔබගේ පහසුව වෙනුවෙන් ම පමණක් වන බවත් අදාළ සම්බන්ධක හා සම්බන්ධයෙන් charityapple වෙබ් අඩවියට හිමිකාරීත්වයක් නොමැති බවත් ඔබ විසින් පිළි ගත යුතු වේ. එසේම එම සම්බන්ධක වල ගුණාත්මකභාවය, විශ්වසනීයත්වය හෝ වෙනත් අංගයන් සම්බන්ධයෙන් මෙන් ම ඒවායේ ප‍්‍රතිඵල සම්බන්ධයෙන් (ඔබට සිදුවන හානි හා පාඩු) charityapple වෙබ් අඩවිය කිසිම වගකීමක් දරනු නොලැබේ. charityapple වෙබ් අඩවිය මගින් මෙම සම්බන්ධක වෙබ් අඩවි නියෝජනය කිරීමක් හෝ ඒවාට වගකීමක් දරනු නොලබයි. එම සම්බන්ධක වෙබ් අඩවි භාවිත කිරීමේ සම්පූර්ණ අවදානම ඔබ විසින් දැරිය යුතු වේ. එසේම මෙම සම්බන්ධක වෙබ් අඩවි භාවිත කිරීමේ දී එම වෙබ් අඩවිවලට අදාළ සේවා නියමයන් හා කොන්දේසි ඔබ විසින් පිළිගත යුතුය.
12. වන්දිපූරණය
ඔබ විසින් 1. වෙබ්අඩවියේ ඇතුළත් කරුණු 2. කිසියම් ආකාරයකට සේවා නියමන් හා කොන්දේසි උල්ලංඝනය වන පරිද්දෙන් වෙබ් අඩවිය භාවිත කිරීම නිසා ඍජුව හෝ වක‍්‍රව, charityapple වෙබ් අඩවියට හා එහි අනුබද්ධයන්ට, නිලධාරීන්ට, අධ්‍යක්ෂවරුන්ට, හා සේවා නියක්තිකයන්ට සිදු විය හැකි කිසියම් හෝ ඕනෑම තුන්වන පාර්ශ්වීය යාචනයක්, ඉල්ලීමක්, පටිපාටිකරයක් හෝ යම් පාඩුවක්, බැරකමක්, හානියක්, වියදමක්, සාධාරණ නීතිඥ ගාස්තුවක් ඇතුළත් ව ගෙවීමක් හෝ වැයවීමක් හෝ සම්බන්ධයෙන් වන්දිපූරණය කිරීමට ඔබ බැඳී සිටියි.
13. ප‍්‍රකාශන හිමිකම පිළිබඳ තොරතුරු
මෙම සේවාවන් හි ඇතුළත් කරුණු charityapple වෙබ් අඩවිය හා තුන්වන පාර්ශ්වයන්ට අයත්වන අතර ඒවා 2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනත යටතේ හා ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ හා සෙසු රටවල හිමිකම් නීතිවලින් සුරකිනු ලැබේ. සමහර කරුණු ඒවායේ හිමිකරුවන්ගේ අවසරය ඇතිව භාවිත කිරීමට හැකි වේ. charityapple වෙබ් අඩවියේ පූර්ව අවසරය නොමැතිව එහි ඇතුළත් කරුණු හා පින්තූර, බොත්තම්, පාඨ ආදිය කිසිම ආකාරයකින් පිටපත් කිරීම, ප‍්‍රතිනිර්මාණය කිරීම, නැවත පළ කිරීම, අප්ලෝඞ් කිරීම, ප‍්‍රදර්ශනය කිරීම හෝ සම්පේ‍්‍රෂණය කිරීම හෝ බෙදා හැරීම නොකළ යුතු වේ. කෙසේ වෙතත් charityapple වෙබ් අඩවිය සේවා නියමයන් හා කොන්දේසිවල දී තොරතුරුවලින් එක් පිටපතක් පමණක් ඔබ විසින් එහි ප‍්‍රකාශන හිමිකම්, වෙළඳ සලකුණු, හෝ වෙනත් අයිතිය හඟවන සළකුණු ආදියට ගරු කරනු ලැබීමේ බාගත කිරීමේ අවසරය ඔබ සතු වේ. මෙහි ඇතුළත් කරුණු වෙනස් කිරීම හෝ ඒවා වෙනත් කිසියම් අරමුණකින් යුතුව භාවිත කිරීම charityapple වෙබ් අඩවියේ හෝ තුන්වන පාර්ශ්වවල හිමිකම් උල්ලංඝනය කිරීමක් වනු ඇත. මෙහි සඳහන් කිසිවක්, ඕනෑම බලපත‍්‍රයක්, හෝ ඕනෑම හිමිකම් ප‍්‍රකාශකයක්, පේටන්ට් බලපත‍්‍රයක්, වෙළඳ සලකුණක් හෝ charityapple වෙබ් අඩවියට හෝ තුන්වන පාර්ශ්වයකට අයිතිවන යමක් ව්‍යංගත්වයෙන් හා පරිබාධක සහිතව පැවරූ කරුණු සේ අර්ථ විග‍්‍රහ නොකළ යුතු වේ.
charityapple වෙබ් අඩවියේ හෝ තුන්වන පාර්ශ්වයක බුද්ධිමය දේපළ හිමිකම්වලට ඔබ ගරු නොකරන ඕනෑම අවස්ථාවක දී ඔබ විසින් වෙබ් අඩවිය භාවිත කරනු ලැබීම අත්හිටුවීමේ හැකියාව charityapple වෙබ් අඩවිය සතු වේ.
14. වෙළඳ ළකුණු
මෙම සේවාවන්හි ප‍්‍රදර්ශනය කර ඇති කරුණුවල අපගේ හෝ වෙනත් පාර්ශ්වයන්ගේ විවිධ නම්, වෙළඳ ලාංඡන, වෙළඳ නම්, සේවා සලකුණු හෝ ලකුණු ඇතුළත් වී තිබේ. එවන් කිසිම ලාංඡනයක් භාවිත කිරීමට ඔබට අවසර නොමැත. එම ලාංඡනවල අයිතිය අප වෙත හෝ ඒවා අයිති වෙනත් පාර්ශ්ව වෙත පවතිනු ඇත.
15. අධිකරණ බලය හා රැස්වන ස්ථානය
ඔබ හා charityapple වෙබ් අඩවිය අතර ඇති සම්බන්ධතාව ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනපදයේ බලපවත්වනු ලබන සියලූ නීති රෙගුලාසිවලට අනුකූලව සිදුවනු ඇත. ඔබ හා charityapple වෙබ් අඩවිය අතර ඇතිවන මතභ්දවල දී charityapple වෙබ් අඩවිය විසින් ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ අධිකරණයේ පිහිට පතනු ඇත.
16. වෙනස්කම් දැනුම් දීම
charityapple වෙබ් අඩවිය විසින් එහි සේවා නියමයන් හා කොන්දේසි වරින් වර වෙනස් කිරීමට ඉඩ තිබේ. එවන් වෙනස්කමක් සිදු කරන ලද අවස්ථාවේ දී charityapple වෙබ් අඩවිය විසින් සංශෝධිත සේවා නියමයන් හා කොන්දේසි වෙබ් අඩවියේ පළ කරනු ලැබේ. වෙබ් අඩවිය මගින් සපයනු ලබන සේවාවලට කොටස් එක් කිරීමට වෙනස් කිරීමට හා සේවා නැවැත්වීමට charityapple වෙබ් අඩවියට අයිතියක් ඇත. charityapple වෙබ් අඩවිය මගින් වරින් වර ඔබගේ වෙබ් අඩවිය හා සේවා භාවිතය පිළිබඳ තීරණය කෙරෙනු ලබන සීමා හා භාවිතයන් සංශෝධනය කිරීමට ඉඩ ඇති බව ඔබ විසින් පිළිගත යුතු වේ.
17. ගබඩාකර තබා ගැනීම පිළිබඳ පොදු භාවිතයන්
වෙබ් අඩවියේ පළ කිරීම සඳහා යොමුකරනු ලබන තොරතුරු හා වෙබ් අඩවිය හෝ සේවාවන් උපයෝගී කර ගෙන සම්පේ‍්‍රෂණය කරනු ලබන තොරතුරු මෙන් ම වෙනත් පණිවුඩ හා සන්නිවේදන මැකී යාම හෝ ගබඩා කර ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් charityapple වෙබ් අඩවිය කිසිම වගකීමක් දරනු නොලැබේ.
18. ලියාපදිංචිය අත්හිටුවීම
ඔබගේ සේවා භාවිතය ඕනෑම අවස්ථාවක දී කිසිම දැනුම්දීමකින් තොරව වෙනස් කිරීමට, මකා දැමීමට හෝ අත්හිටුවීමට charityapple වෙබ් අඩවියට අයිතියක් ඇත. සිදුවන සංශෝධන, හෝ සේවා අත්හිටුවීම සම්බන්ධයෙන් charityapple වෙබ් අඩවිය ඔබට හෝ කිසිම තුන්වන පාර්ශ්වයකට වගකිව යුතු නොවනු ඇත. ඕනෑම කෙනෙකුට කලින් දැනුම්දීමකින් තොරව සේවා සැපයීම ප‍්‍රතික්ෂේප කිරීමේ අයිතිය charityapple වෙබ් අඩවිය සතුය.
19. විවිධ
මෙම සේවා නියමයන් හා කොන්දේසිවල ඔබ හා charityapple වෙබ් අඩවිය අතර ඇති සම්පූර්ණ එකඟතාව හා ඔබ විසින් වෙබ් අඩවිය හා එහි සේවා භාවිත කිරීම තීරණය කෙරෙන ආකාරය පිළිබඳ සම්පූර්ණ තොරතුරු ඇතුළත් වේ. ඔබ හා charityapple වෙබ් අඩවිය අතර ආයතනමය, හවුල්කාරමය, එකාබද්ධව කටයුතු කිරීමක් හෝ සේව්‍ය සේවක සබඳතාවක් නොපවතිනු ඇත. මෙම වෙබ් අඩවිය හෝ එහි සේවා භාවිත කරන විට යම් යම් තුන්වන පාර්ශ්වවල සේවා නියමයන් හා කොන්දේසිවලට ද එකඟ වීමට ඔබට සිදුවනු ඇත. මෙම සේවා නියමයන් හා කොන්දේසිවල ඇතුළත් ඕනෑම කරුණක් නීති ප‍්‍රකාරව වලංගු නොවන බව තීරණය වුවහොත් එමගින් සේවා නියමයන් හා කොන්දේසිවල වෙනත් වගන්තිවල වලංගුභාවයට කිසිම බලපෑමක් සිදු නොවනු ඇත. charityapple වෙබ් අඩවිය පාර්ශ්වයෙන් කිසියම් වගන්තියක් හෝ සේවා නියමයක් හෝ කොන්දේසියක් ක‍්‍රියාත්මක කිරීමට හෝ බලාත්මක කිරීමට අපොහොසත් වීම නිසා අදාළ වගන්තිය හෝ කොන්දේසිය අත්හැරීමක් හෝ නොසලකා හැරීමක් සිදු නොවේ. වෙබ් අඩවිය හෝ එහි සේවාවන් නිසා කිසියම් නීතිමය ගැටලූවක් පැන නගින අවස්ථාවක දී ඒ සිදුවීමෙන් වර්ෂයක් ඇතුළත නීති මගින් කටයුතු කිරීමට වගබලා ගත යුතු වේ. |