නීති සහන කොමිසමේ ස්වේච්ඡා පුවත්
නෛතික සවිබල ගැන්වීමේ ස්වේච්ඡා සේවකයින්

එච්. ජී. සඳමාලි - නෛතික සවිබල ගැන්වීමේ ස්වේච්ඡා සේවිකා

මාතර දිස්ත‍්‍රික්කයේ සුනාමියෙන් විපතට පත් දරුවන්ට, වැඩිහිටියන්ට හා බහු විධ කුසලතා ඇති පුද්ගලයින්ට නෛතික උපදෙස් ලබා දීමට සඳමාලි මැදිහත් වූවාය. ඇය පවසන ආකාරයට දෙන ලද ප‍්‍රජාවක් තුළ මසක් පුරා විවිධ කණ්ඩායම් සමග කටයුතු කිරීම හා ප‍්‍රතිලාභ නොලත් අයට උපකාර ලබා දීම නිසා ඈ ලද අත්දැකීම් ඉමහත්ය.

"මිනිස්සුත් එක්ක කටයුතු කරන්නේ කොහොමද කියලා ඉගෙන ගත්ත එක මට ගොඩාක් ප‍්‍රයෝජනවත්. ඒ නිසා අනෙක් අයගේ උදව් ලබන්න ඕනෑ පුද්ගලයෝ කවුද කියලා අඳුනාගන්න මට පුළුවන් උනා. විවිධ කුසලතා ඇති පුද්ගලයන්ට මට හැකි උපරිම විදියට උදව් කරන්න මට පුළුවන් උනා." සඳමාලි පවසයි.

වැඩහිටියන්ගේ අයිතිවාසිකම්, ඉඩම් නීතිය, වැඩිහිටි සමාජ සඳහා සහභාගී වීමේ ඇති වැදගත්කම, ආදායම් ඉපයීම හා බහුවිධ කුසලතා ඇති පුද්ගලයින් සිය අයිතිවාසිකම් සම්බන්ධයෙන් දැනුවත් කිරීම ආදී කටයුතුවලින් ඈ සමාජයට කිසියම් දායකත්වයක් ලබා දී ඇති බව සඳමාලිගේ හැඟීමයි.

හිරන්ති ගලහිටියාව (සමාජවිද්‍යා සිසුවියක්)
නෛතික සවිබල ගැන්වීමේ ස්වේච්ඡා සේවිකා

හිරන්තිගේ අරමුණ වූයේ මහනුවර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රජාවක් තුළ වරප‍්‍රසාද නොලත් පිරිසක් අරමුණු කර ගනිමින් ඔවුන්ගේ ගැටලූ අවබෝධ කර ගැනීම තුළින් ගැටුම් නිරාකරණය වඩාත් සවිලබ ගැන්වීමයි. මාස දෙකක් පුරා ඈ ලැබූ අත්දැකීම් ඇගේ වෘත්තීමය ජීවිතයට උපකාරී වනු ඇති බවත් ස්වේච්ඡා සේවා සැපයීම තෘප්තිය හා සතුට ඇති කරවන මූල්‍යමය ප‍්‍රතිලාභ ඉක්මවා යන අත්දැකීමක් වන බවත් ඇය පවසයි.  

"ප‍්‍රජාවන් සමග එක්ව කටයුතු කිරීමෙන් රසවත් අත්දැකීම් ලබා ගන්නේ කොහොමද කියන එකට නෛතික සවිබල ගැන්වීමෙන් සෑහෙන්න උදව් වෙනවා. ගැටලූවලට මුහුණ පා ඉන්න අයට උදව් කරන්න අවස්ථාවක් තරුණ ස්වේච්ඡා සේවකයින්ට ලබා දීම මෙහිදී සිදු වෙනවා. රාජ්‍ය ආයතන හා අන්තර්ජාතික ආයතන සමග වැඩ කිරීම නිසා ලැබෙන අත්දැකීම් අපට අනාගත රැකියා අවස්ථාවලටත් ප‍්‍රයෝජනවත් වෙනවා." ඇය පවසන්නීය.

ටී. වී. බී. යූ. අප්සරා
අප්සරා විසින් මාස දෙකක් පුරා සුනාමි විපතට පත් දරුවන්ගේ වර්තමාන ජීවන තත්වයන්, පාරිභෝගිකයන් සුරක්ෂිත කිරීම, ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් සවිබල ගැන්වීම, වැඩිහිටියන් ශක්තිමත් කිරීම, අපරාධවලට ගොදුරුවූවන් ආරක්ෂා කිරීම හා ඉඩම් අරවුල් සම්බන්ධයෙන් බලපිටිය ප‍්‍රදේශයේ විශේෂ පර්යේෂණයක් සිදු කර තිබේ. ප‍්‍රජාව සමග එක්ව කටයුතු කිරීම නිසා මේ දක්වා උගත් න්‍යායන් ප‍්‍රායෝගිකව අත්හදා බැලීමට අවස්ථා ලැබුණු බව ඇගේ හැඟීමයි. මෙයින් ලබා ගත් අත්දැකීම් අනාගත රැකියා අවස්ථා සඳහා ද උපකාරී වෙන බව ඇය පවසයි.

‍"මේ වැඩසටහන මට සෑහෙන්න වටිනවා. මේකෙට සහභාගීවෙන කොට ප‍්‍රජා සාමාජිකයොත් එක්ක එක්ව කටයුතු කරන්න අපිට අවස්ථාව ලැබුණා. මේ නිසා ආත්ම විශ්වාසයෙන් යුතුව මිනිස්සුත් එක්ක වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන මට හොඳ අත්දැකීමක් ලැබුණා. මේක මගේ හැකියාවන් වැඩි දියුණු කරගන්න ලැබුණ හොඳ අවස්ථාවක් කියලයි මට හිතෙන්නේ. මේ දක්වා මම ඉගෙන ගත් නීතිමය න්‍යායන් ප‍්‍රායෝගිකව අත්හදා බලන්න මට හොඳ අවස්ථාවක් ලැබුණා.

 


 



Copyright © 2009 charityapple.org. All rights reserved | sinhala - how to install
hit counter

Valid CSS!

Hit counter provided by hit counter web site.