charityapple ගැන වදනක්

ස්වේච්ඡා සේවය අපගේ සංස්කෘතියේ දීර්ඝ කාලයක සිට පවතින අංගයක් සේ දැක්විය හැකිය. ආපදාවලට මුහුණ පෑ අයෙකුට උපාකාර කිරීම හා අත දීමට අපගේ සංස්කෘතියේ විශේෂ ස්ථානයක් හිමි වේ. පෞද්ගලික මෙන් ම ප‍්‍රජා අවශ්‍යතා සඳහා කාලය, උත්සාහය හා අමුද්‍රව්‍ය ආධාර වශයෙන් ලබා දීම අපගේ සංස්කෘතියට කාවැදී ඇති ලක්ෂණයකි.

කෙසේ වෙතත් ස්වේච්ඡා සේවය බොහෝ විට විධිමත් නොවන ආකාරයට ක‍්‍රියාත්මක වන අතර මේ නිසා ම ස්වේච්ඡා සේවකයින් සඳහා පවතින ඉල්ලුම හා සැපයුම අතර හිඩැසක් වේ. ස්වේච්ඡා සේවය බලාපොරොත්තුවන සංවිධාන හා ප‍්‍රජාවන් ගණනාවක් පැවතිය ද සිය සේවා සැපයිය යුත්තේ කෙසේද හා කොතැනටද යන කරුණු සම්බන්ධයෙන් ස්වේච්ඡා සේවයට කැමැත්තෙන් සිටින පුද්ගලයන් හට ප‍්‍රමාණවත් දැනුමක් ලබා ගැනීමට ඇති අවකාශය සීමිත වේ.

අපගේ අරමුණ වන්නේ මෙම වෙබ් අඩවිය උපයෝගී කර ගනිමින් ඉහත දැක් වූ හිඩැස පිරවීමයි. charityapple වෙබ් අඩවිය මගින් ස්වේච්ඡා සේවා අවශ්‍ය සංවිධාන හා ප‍්‍රජාවන්ට සිය අවශ්‍යතා පළ කිරීමට ඉඩකඩක් ලබා දෙයි. එසේම එය පුද්ගලයින්ට මෙන් ම සංවිධානවලට ස්වේච්ඡා සේවය හා ශ‍්‍රී ලංකාවේ ඒ හා සම්බන්ධ තත්ත්වය පිළිබඳ ප‍්‍රයෝජනවත් හා ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට හැකිවන සම්පත් මධ්‍යස්ථානයක් සේ කටයුතු කරයි. මේ සියල්ලට ම වඩා charityapple වෙබ් අඩවිය ශ‍්‍රී ලංකාවේ ස්වේච්ඡා සේවයේ යෙදීමට කැමති පුද්ගලයින්ට ඒ සඳහා අවස්ථා ලබා දීමේ තොරතුරු මධ්‍යස්ථානයක් සේ ක‍්‍රියා කරයි.

ස්වේච්ඡා සේවය, ජාතික සාමයට, සාමානාත්මතාවට හා සංවර්ධනයට සුවිශාල දායකත්වයක් සපයන බව අපි තදින් ම විශ්වාස කරමු. අපගේ අපේක්ෂාව වන්නේ charityapple වෙබ් අඩවිය ශ‍්‍රී ලංකාව තුළ ස්වේච්ඡා සේවයට පහසුකම් සලසනසුළු වූ ජනප‍්‍රිය හා ප‍්‍රකට වෙබ් අඩවියක් බවට පත් වනු දැකීමයි. 

 


 



Copyright © 2009 charityapple.org. All rights reserved | sinhala - how to install
hit counter

Valid CSS!

Hit counter provided by hit counter web site.