හවුල්කරුවන් ගැන
www.charityapple.com වෙබ් අඩවිය මූලික වශයෙන් කොළඹ රොට‍්‍රැක්ට් සමාජය විසින් සංවිධානය කරන ලද අතර මේවන විට කොළඹ රොට‍්‍රැක්ට් සමාජය, මානුෂීය සේවායතන සමූහය (CHA) හා VOICE (Volunteer Information Centre) ව්‍යාපෘතිය එහි හවුල්කරුවෝ සේ කටයුතු කරති.
කොළඹ රොට‍්‍රැක්ට් සමාජය
රොට‍්‍රැක්ට් ව්‍යාපාරය රොටරි අන්තර්ජාතිකය යටතේ ලියාපදිංචි වී ඇති ලාබ නොලබන සමාජ සේවා සංවිධානයක් වේ. මේ අනුව කොළඹ රොට‍්‍රැක්ට් සමාජය, කොළඹ රොටරි සමාජයේ භාරකාරත්වයට යටත් වේ. මෙම සමාජය සත්කාරක සේවාවල යෙදී සිටියි. එනම් සිය පෞද්ගලික ධාරිතාවන්ට අනුකූලවන පරිද්දෙන් මානුෂීයත්වය වෙනුවෙන් සේවය කිරීමේ ප‍්‍රජා සේවා, යෞවනයන්ට සිය දැනුම වැඩි දියුණු කර ගනිමින් නිපුණතා හා දක්ෂතා ඉහළ නංවා ගැනීමේ අවස්ථාව ලබා දෙන වෘත්තීයමය සංවර්ධනය, විදේශීය සංස්කෘති හා සම්ප‍්‍රදායන් පිළිබඳ දැනුම පුළුල් කරන්නා වූ අන්තර්ජාතික අවබෝධය හා අවසාන වශයෙන් සාමාජිකයන්ට රොට‍්‍රැක්ට් ව්‍යාපාරය සංහිඳියාවෙන් යුතුව ආස්වාදනය කිරීමට ඉඩකඩ සලසා දෙන්නා වූ රොට‍්‍රැක්ට් සමාජය විසින් සපයන සේවා ආදී වශයෙනි.
මානුෂීය සේවායතන සමූහය (CHA) ගැන වදනක්
1997 අපේ‍්‍රල් මාසයේ සාමාජිකයන්ට සේවය කිරීමේ අරමුණ පෙරදැරිව ස්ථාපනය කරන ලද මානුෂීය සේවායතන සමූහය මේ වන විට ලාභ නොලබන ජාතික සේවා සපයන්නෙකු බවට පත් වී ඇත. එය ශ‍්‍රී ලංකාවේ මානුෂීය සේවා අංශයේ සම්පත් හා කාර්යයන්හි නියෝජිතයකු සේ ඉදිරිපත්වන අතර එය ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාකරමින් සිටින හා ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාකිරීමට ආධාර උපකාර කරන ආයතන සමූහයක එකතුවකි. පසුගිය දශකය පුරාවට මානුෂීය සේවායතන සමූහය, මානුෂීය සේවා ආයතන එකිනෙක හා බද්ධ කරන ජාලයක් සේ ක‍්‍රියාත්මක වී ඇති අතර සිය විශේෂිත ධාරිතා උපයෝගී කර ගනිමින් පරිපූර්ණ ලේකම් කාර්යාලයක් සේ වර්ධනය වී තිබේ. ජාලයක් වශයෙන් මානුෂීය සේවායතන සමූහය මගින් සාමාජික ආචාරධර්ම, සම්බන්ධීකරණය හා සන්ධානගත කිරීම, නීතිමය උපදේශන හා පහසුකම් සැපයීම යනාදී කර්තව්‍යයන් ඉටු කරන අතර ඊට අමතරව එහි සාමාජිකයන් සඳහා වන තොරතුරු මධ්‍යස්ථානයක කාර්යභාරය ද ඉටු කරයි.
VOICE ගැන වදනක්
එක්සත් ජාතීන්ගේ ස්වේච්ඡා සේවා සංවිධානයේ (UNV) VOICE (වොයිස්) ව්‍යාපෘතියේ සම්පාදන අවධියේ දී VOICE ව්‍යාපෘතිය ව්‍යාවස්ථාපිත ආයතනයක් සේ ස්ථාපනය කිරීමට ඉඩකඩ සලසන නීති සම්පාදනය උදෙසා පහසුකම් සැපයීම සිදු විය. මෙහිදී ශ‍්‍රී ලංකා රජය විසින් VOICE ව්‍යාපෘතිය ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මකවන ප‍්‍රමුඛතම ස්වේච්ඡා ප‍්‍රවර්ධන ව්‍යාපෘතියක් සේ සලකමින් එයට තිරසාර සහයෝගය දැක්වීම සිදු කරයි. ශ‍්‍රී ලාංකීය උරුමයක් සේ පැවති ස්වේච්ඡා සේවාව සමාජ සංවර්ධනයෙහි ලා විශිෂ්ඨ අංගයක් සේ යොදා ගැනීමේ VOICE ව්‍යාපෘතියේ කාර්යයට ශ‍්‍රී ලංකා රජයේ සහයෝගය හිමි වේ. මෙම ව්‍යාපෘතිය මගින් ශ‍්‍රී ලංකා රජය හා සිවිල් සමාජයේ සියලූ අංශ අතර ශක්තිමත් ඒකාබද්ධතාවක් ඇති කරමින් දිළිදුකම පිටුදැකීම, ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් සමානාත්මතාව, යෞවන සංවර්ධනය හා සාමය ගොඩනැගීම ආදී ක්ෂේත‍්‍රවල ස්වේච්ඡා සේවා වැඩි දියුණු කිරීමට කටයුතු කිරීම සිදු වේ.
|